දසුන ඇප් එක ඇතුලෙ physics subject එකට අමතරව A/L වලට මුලින්ම එන ළමයින්ට තමන් තෝරගන්න stream එකට අදාලව ඉදිරිය මොනවගේ වෙනවද මොනවගේ courses එයාලට කරන්න පුලුවන්ද මොනවද ඇතුලත් වෙන්න පුලුවන් කැම්පස්,තමන්ට අනාගතේ මොනවගේ job එකක් කරන්න පුලුවන්ද කියනඑක ගැන දැනගන්න පුලුවන් ඉඩක් වෙන්කරල තමා තියෙන්නෙ. .ඉතින් අපි මේ ඉඩට අදාල දත්ත පුරවන්න ලංකාව වටේම සියලුම කැම්පස්වල//technical collage/HND/TTI/NDT/කොටින්ම නොමිලයේ අධ්‍යාපනය දෙන සියලුම ආයතනවල දැනට ඉගනගන්න සහෝදරයන්ට/ සහෝදරියන්ට ආරාධනා කරනව තමන්ගේ faculty/institute එකට අදාල නිවැරදි දත්ත අපට ලබාදී ඉදිරියේ දසුන ඇප් එක පාවිච්චි කරන දරුවන්ට මේ තොරතුරු ලබාදෙන්න උදවු කරන්න කියල.ඔබට මේ දත්ත ලබාදෙන්න බැරිනම් පුලුවන් කෙනෙක්ට මෙයට සහභාගි වෙන්න post එක share කරල උදවුවක් දෙන්න
මෙන්න මේ පහල තියෙන format එකට තමා තමන්ගෙ faculty එකට අදාල දත්ත ලබාදෙන්න ඕන.. දැනට A/L කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් ඔබගේ කාලයෙන් පැයක් වෙන් කරන්න පුලුවන්නම් පහල google form එක පුරවල අපට තොරතුරු ලබාදෙන්න.එහෙම නැත්නම් මේ පහල තියෙන කරුනු ඇතුලත් වෙන විදියට ආකර්ෂණීය විදියට ලියල email එකක් එවන්න පුලුවන්නම් ඒත් කමක් නෑ
දත්ත ලබාදෙන්න මේ google form එක fill කරන්න
https://forms.gle/mKmaXiDAvLeKBgU69
අපේ email address එක
contact.dasuna@gmail.com
Format එක
************************************************************
01) කැම්පස් එක / උසස් අධ්‍යාපන ආයතනය -
02) කැම්පස් එක ගැන සවිස්තරාත්මක විස්තරයක්, කැම්පස් එක තියෙන main location එක. පටන්ගත්තෙ කවද්ද, වැදගත් කරුනු සියල්ල, ඔය කැම්පස් එක ගැන වාතෙට උගන්නන වැදගත් කරුනු ටික (උදා - රුහුන කැම්පස් එක නම් මාතර, etc)
03) Faculty එක - (උදා - Engineering )
04) Faculty එක තියෙන location එක ගැන විස්තරයක්, පටන්ගෙන කොච්චර කල්ද, batch කීයක් out වෙලා තියෙනවද වගේ වැදගත් කරුනු - (උදා - රුහුන කැම්පස් එක මාතර උනාට Engineering faculty එක තියෙන්නෙ ගාල්ලෙ,වක්වැල්ලෙ, 1999 පටන්ගෙන තියෙන්නෙ ඒ වගේ)
05) Faculty එකට එන්න A/L වලට කලයුතු විශය පථය (උදා - Engineering වලට A/L Maths)
06) Faculty එකේ යන්න පුලුවන් එකිනෙකට වෙනස් department, (උදා- Engineering නම් civil, mechanical, electrical, etc) -
07) Department වලට සිසුන් වෙන්කරන ක්‍රියා පිලිවෙල (උදා- Engineering නම් 1st-year exam results වලින් වෙන් කරන්නෙ එහෙම නැත්නම් A/L Results වලින්ම department වලට වෙන් කරනවද කියන එක)
එක් එක් department එක ගැන විස්තර වෙන වෙනම.
i) Department එකේ උගන්වන විශය පතය උගන්වන මාධ්‍ය සිංහලද, Englishද මාධ්‍ය තෝරගන්න පුලුවන්ද ගැන පොඩි විස්තරයක්, ප්‍රධාන විශයයන් මොනාද කියන එක.degree එකට අවුරුදු කීයද කියන එක special කරොත් අවුරුදු කීයක් යනවද කියන ඒව (උදා- civil Engineering නම් building, road, වගේ ඉදිකිරීම් ගැන මේ යටතේ ඉගෙනගන්න තියෙනව කියන එක. Degree එක අවුරුදු 4 කියන එක)
ii) ලැබෙන්නෙ Degree එකක්ද Diploma එකක්ද. NVQ Level කීයෙ certificate එකක්ද කියන එක -
iii) Out වෙලා කරන්න පුලුවන් උසස් අධ්‍යාපන තොරතුරු (Msc,PHD එකක් කරන්න පුලුවන්ද, Diploma එකක්නම් දෙන්නෙ out උනාම degree එකක් කරන්න පුලුවන් කොහොමද කියන එක)
iv) Department එකෙන් out වෙන කෙනෙක්ට රැකියා වෙලදපොලේ මොන මොන රැකියා වලට යන්න පුලුවන්ද කියන එක. සහ රැකියාවේ සුලබතාවය. රැකියා කොහේ කොහේ තියනවද කියනඑක. (උදා - civil engineer student කෙනෙක්ට engineer කෙනෙක් විදියට out උන ගමන්ම ඉක්මනින් රැකියාවක් හොයාගන්න පුලුවන්, ගොඩක්ම රැකියා තියෙන්නෙ කොලඹ අවට, වගේ)
v) Degree එක ඇතුලෙ Training period එකක් තියෙනවද කියන එක කොයි කොයි year එකෙන්ද training දාන්නෙ, training period එක, මොන මොන තැන්වලද training යන්න පුළුවන් කියන එක ( උදා - civil engineering වල 2nd/3rd year ඉවර උනාම මාස 3 ගානෙ training දෙකක් තියෙනව, MAGA, Sanken, CML,CECB වගේ යන්න පුලුවන් බොහෝවිට පඩිත් හම්බවෙනව training period එක ඇතුලෙ)
vi) degree එකට අදාලව රජයේ ජොබ් එකකට ගියොත් ලැබෙන විශේෂ වරප්‍රසාද එහෙම (උදා - government engineer/ doctor කෙනෙක්ට වාහන permit එකක් ලැබෙනව)
vii) Degree/Diploma එකට අදාල විශේෂ කරුනු - (උදා - marine Engineering කරොත් ලැබෙන්නෙ නැවක ජොබ් එකක් මාස 6 කට පාරක් වගේ තමා ගෙදර එන්න වෙන්නෙ)
************************************************************
එකම faculty එක ගැන කීපදෙනෙක් form එක fill කරනඑක නොවෙන්නෙ දත්ත ලැබෙන ලැබෙන විදියට මොන මොන කැම්පස් වලට අදාලව දත්ත හම්බුනාද කියල මේ post එක update කරන්නම්.
දැනට මේන්න මේ විශ්වවිද්‍යාල වල faculty වලට අදාලව තොරතුරු ලැබී ඇත.
01) University of Ruhuna - Faculty of Engineering - Civil Engineering
02) University of Ruhuna - Faculty of Engineering - Mechanical Engineering
03) University of Ruhuna - Faculty of Engineering - Electrical Engineering
සහෝදර නංගිලා මල්ලිලා වෙනුවෙන් තොරතුරු ලබාදුන් සැමට ස්තූතියි.

© 2020 දසුන - The Free Physics App for Sri Lankan science Students With Softbee Software Solutions